උපදේශකයින්ගෙ ලණු කාලා
මටත් වැරදුණා මෛත්‍රීටත් වැරදුණා


කාලය දිගුකර ගැනීමට ගොස් තමන්ට වැරදුණු ආකාරයට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද වැරදුණ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඊයේ අරංගල පැවැති දේශපාලන රැස්වීමකදී පවසා සිටියේය.
ඒ මෙසේය.
“මට බැණ බැණ ගියා අවුරුදු දෙකක් තියලා ඉස්සෙල්ලා
මම ආවා කියලා. මම අවුරුදු දෙකක් පරිත්‍යාග කළා. වැඩේ වැරදුණා.

එතකොට ඒක පරිත්‍යාගයක්. හැබැයි මෙයා මොකද කළේ? පහ මදිවෙලා හයක් කොරගන්න ගියා. ඔන්න මට වෙච්චි වැඩේම මිනිහටත් වෙලා. ඒක පරිත්‍යාගයක් කියන්න ඇහැකි දැන්. ඒකට කියන්නේ දිට්ඨධම්මවේදනීය කර්මය කියලා. ඕක තමයි උපදේශකයන්ගෙන් පරිස්සම් වෙන්න ඕන. වටේ ඉන්න උපදේශකයන් දෙන්නැති නඩුකාරයන්ට කියලා මේක බේරලා දෙන්නම් කියලා. ගියාට වැඩේ වැරදුණා''