ලබන මැයි මාසයේදී පවත්වන්නට නියමිත හැරී කුමරුගේ හා මෙගන් මාර්කල්ගේ විවාහ මංගල්‍යයට ප්‍රථමයෙන් එංගලන්තයේ වීදි සරණ නිවාස අහිමි යාචකයින් තුරන් කළ යුතු බවට එරට නාගරික
මන්ත්‍රීවරයෙකු වන සිමන් ඩඩ්ලි ට්විටර් ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් දන්වා ඇත. මෙගන් විවාහ කමිටුවේ සාමාජිකයෙකුද වන ඔහු ලන්ඩන් පොලිස් අධිකාරීවරයාට මේ ගැන දැන්වූ බවත් සඳහන් කර තිබෙයි. එංගලන්තයේ වින්ඩ්සර් මාලිගය හා අවට වාර්ෂිකව සංචාරකයින් මිලියන 7ක් ගැවසෙන බවත්

මේ දක්වා මෙම ගැටලුව ගැන අවධානය අඩුවීම කණගාටුවට කරුණක් බවත් ඔහු පවසා ඇත.
‘නිවාස නැතියවුන් වීදි සැරීම නිසා නගරයට ලැබ තිබෙන්නේ අප්‍රසන්න පෙනුමක්. ඒ ප්‍රතිරූපය රාජකීය විවාහයේදී තිබීම නොගැළපෙන්නක්. මේ නිසා රජය මේ සම්බන්දයෙන් වහාම පියවර ගත යුතුයි‘ඔහු පවසා ඇත.