ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතා විසින් ඊයේ මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් මහා ජලාශය වන මොරගහකන්ද ව්‍යාපෘතිය විවෘත වූ අතර ඒ තුළින් අක්කර ලක්ෂ 3ක් අලූතින් අස්වද්දා පවුල් ලක්ෂ 15කට
සෙත සැලසෙන අතර,
පවුල් ලක්ෂ 3කට
පිරිසිදු පානීය ජලය සැපයේ. මේ වන විට සම්පූර්ණයෙන් ජලයෙන් පිරී පවතින ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසක් වන අතර එය පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් හය ගුණයකි.
පොල්ගොල්ලේදී පැවති උත්සවයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් මොරගහකන්ද ජලාශය, ශ්‍රී ලංකා ඉතිහාසයේ සිටි හොඳම ඉංජිනේරුවකු වන A.N.S කුලසිංහ එනම් කොන්ක්‍රීට් කුලසිංහ නම් විරුද්ධාවලියලත් ඒ ශේෂ්ඨ පුද්ගලයාගේ නමින් නම් කරන බවද පවසා සිටියේය.