ඉරානයේ ප්‍රාථමික පාසැල්වල ඉංග්‍රීසි ඉගැන්වීම
තහනම් කිරීමට කටයුතු කළ බව

එරට අධ්‍යාපන කවුන්සිලයේ ප්‍රධානී මෙහ්දි නවීඩ් අදාම් ප්‍රකාශ කළා.

මෙම තීරණය ගෙන ඇත්තේ ඉංග්‍රීසි ඉගෙනීම මගින් බටහිර සංස්කෘතික ආක්‍රමණයට ඉරාන බාල පරපුර පහසුවෙන් ලක් විය හැකි බවට එරට ආගමික නායකයන් විසින් කරන ලද අනතුරු ඇඟවීම් සැළකීමෙන් පසුවයි.

ප්‍රාථමික අධ්‍යාපනය තුළින් ඉරාන ළමයින් තුළ දේශීය සංස්කෘතිය මුල් බැස්සවීම බලධාරීන්ගේ අපේක්ෂාවය​.

පසුගිය දිනවල ඉරානය පුරා පැතිරුණ විරෝධතා රැල්ල පසුපස ඇමරිකාවේ සී.අයි.ඒ. සංවිධානය සිටින බවට ඉරානයේ ආගමික නායකත්වය විසින් චෝදනා එල්ල කරන පසුබිමක මෙම තීරණය ගැනීම ද විශේෂත්වයකි.

ඉරානයේ ඉංග්‍රීසි අධ්‍යාපනය සාමාන්‍යයෙන් ඇරඹෙන්නේ වයස අවුරුදු 12 - 14 අතරදී ය​. එහෙත් ඇතැම් ප්‍රාථමික පාසැල්වල ද ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙනු ලබයි.