වාහන ආනයනකරුවන්ග් සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිඤ්ඤගේ හයිබ්‍රිඩ් සහ ඉලක්ට්‍රික් වාහන සඳහා ලබාදෙන ලීසිං පහසුකම් ඉහළ නැවීමට මෙවර අයවැයෙන් කළ යෝජනා තවම ක්‍රියාත්මකවීම නොවීම
ගැන පසුගියදා

මෙසේ අදහස් පළකර තිබේ.

‘මුදල් අමාත්‍යවරයා හයිබ්‍රිඩ් වාහන සඳහා ලබාගත හැකි ලීසිං ප්‍රමාණය සියයට 50 සිට 70 දක්වාත්, ඉලෙක්ට්‍රික් වාහන සඳහා සියයට 90 දක්වාත් වැඩි කළා. නමුත් මේවනවිට අයවැයෙන් මාස 2කට වැඩි කාලයක් ගතවී තිබුණත් ඒ සහනය තවමත් ක්‍රියාත්මක වෙලා නැහැ. ඊට හේතුව තමයි එම තීන්දුව එකම තැනකින් ක්‍රියාත්මක නොවීම. මුදල් අමාත්‍යාංශය යටතේ පැවැතිය යුතු මහ බැකුව, භාණ්ඩාගාරය සහ ප්‍රතිපත්ති සැලසුම් යන අංශ වෙන වෙනම වෙන් කිරීමෙන් ආණ්ඩුව විශාල වරදක් කරගෙන තිබෙනවා. මුදල් අමාත්‍යාංශයෙන් මහ බැංකුවට දැනුම්දීම සහ මහ බැංකුවෙන් බැකු සහ මූල්‍ය ආයතන වෙත දැනුම්දීමෙන් අනතුරුව තමයි ලීසිං සහනය ක්‍රියාත්මක වෙන්නේ. මේ විදිහට එක තීන්දුවක් කියාත්මක වීම සඳහා තැන් කිහිපයකට යාමට සිදුවීම නිසා මතුව තිබෙන අකාර්යක්‍ෂමතාවය තමයි මේ ප්‍රමාදයට හේතුව.‘