මෙවර පළාත් පාලන ඡන්ද පත්‍රිකාවේ
සලකුණු කළ යුත්තේ පක්ෂය පමණයි
අපේක්ෂකයින්ගෙ නම් අංක නෑ


ලංකාවේ දශක තුන හතරක් තිස්සේ පැවති සමානුපාත මනාප ලබාදීමේ ඡන්ද ක්‍රමය වෙනුවට මෙවර පළාත් පාලන මැතිවරණය පවත්වනු ලබන්නේ කොට්ඨාශ ක්‍රමය හා සමානුපාත ක්‍රමයක එකතුවක් ලෙසිනි. නව ක්‍රමය බොහෝ දෙනෙකුට හුරු නැත. මෙවර එක් එක් ඡන්ද අපේක්ෂකයින්ට
මනාප අංක ලබාදීමක්ද සිදු

නොවූ නිසා ඡන්දය  ඉල්ලන්නට අංක ප්‍රසිද්ධ කර නැත. මේ අතර ඡන්දදායකයින් අතර තම ඡන්දය ලබාදීම සිදු කරන ආකාරය ගැන විවිධ කථාබස් ඇතිව තිබේ.
තවත් සති කිහිපයකින්  ලබන මස 10 වන දින පවත්වන පළාත් පාලන මැතිවරණයේදී ඔබ විසින් ඡන්දය ලබා දිය යුත්තේ පක්ෂයක හෝ කණ්ඩායමක සලකුණක් ඉදිරියේ පමණක් බව මතක තබාගත යුතුය.
එහි අපේක්ෂකයින්ගේ නම් මුද්‍රණය වන්නේද නැත.
ඒ ඒ පක්ෂය යටතේ ඔබට අදාළ කොට්ඨාසයේ තනි අපේක්ෂකයෙකු නම් කර තිබෙන අතර (ඇතැම් තැනක පමණක් එක් අයෙකුට වඩා නම් කර ඇත) ඔබ සලකුණු කරන පක්ෂය අදාළ කොට්ඨාසය ජයගන්නේ නම් අදාල අපේක්ෂකයා හෝ අපේක්ෂකයින් තේරෙනු ඇත. මීට අමතරව පළාත් පාලන සභාවට ඒ ඒ පක්ෂය හෝ කණ්ඩායම ලබාගන්නා මුළු ඡන්ද ප්‍රතිශත මගින් සමානුපාත ක්‍රමයට තවත් නියෝජිතයින් කිහිපදෙනෙකු පත් කරනු ඇත.
මෙවර ඡන්දය ලබාදීම ගැන ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරය සකස් කළ දැනුවත් කිරීමේ විඩියෝවක් පහතින්