මධ්‍යම පළාතේ ප්‍ර‍ධානම දුරුතු පෙරහර ඉකුත් (05) දා රාත්‍රියේ හැටන් නගරයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.
හැටන් නීග්‍රෝධාරාම විහාස්ථානයේ  දුරුතු පෙරහැර කමිටුව 32 වන වරට සංවිධානය කල දුරුතු මහා පෙරහැර පසුගිය (05)  දා රාත්‍රියේ හැටන් නගරයේ විදි සංචාරය කළේය. උඩරට- පහතරට සබරගමුව සාම්ප්‍ර‍දායික
නර්තණ හා නව නිර්මාණ නර්තණ වලින් සංයුක්ත වු පෙරහර සඳහා වෘත්තීය කලායතන වල ශිල්පීන් මෙන්ම ප්‍රදේශයේ පාසල්වල සෞන්දර්ය අංශවල දරුදැරියන්ගේ කලා කුසලතාවයන් සදහාද අවකාශ සලසා දි තිබිණි.
සුභ මුහූර්තියෙන් සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ ඇතා පිට කරඩුව තැන්පත් කිරිමෙන් අනතුරුව මල්ලිඅප්පුව මංසන්ධියෙන් ආරම්භ කළ මනරම් දුරුතු පෙරහැර දිඹුල පාර ඔස්සේ හැටන් නගරයේ ප්‍ර‍ධාන මාර්ගවල ගමන් කර හොරාස්ථම්භය මංසන්ධියෙන් පැතිමාර්ගයට පිවිස විහාරස්ථානය දක්වා ගමන් ගන්නා ලදී.

හැටන් ශ්‍රී නිග්‍රෝධාරාමාධිපති,මැදරට ප්‍ර‍ධාන සංඝනායක හා හැටන් ශ්‍රිපාද විද්‍යාලයේ විශ්‍රාමික විදුහල්පති ,සාශ්‍ර‍පති මහගම විමල නායක හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වු පෙරහර සමාරම්භක උත්සව අවස්ථාවට සර්ව ආගමික නායකයින්, මධ්‍යම පාළාත් ප්‍ර‍ධාන ඇමති සරත් ඒකනායක, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා ලංකා කම්කරු කොංග්‍ර‍යේ මහ ලේකම් ආරුමුගම් තොන්ඩමන් , මධ්‍යම පලාත් කෘෂිකර්ම අමාත්‍ය ආර්.රමේශ්, අඹගමුව කෝරළොයේ  සංවර්ධන කමිටුවේ සම සභාපති ඩබ්ලිව්. ජි. රණසිංහ යන මහත්වරුන්, රාජ්‍ය නිලධාරින් ඇතුලුව බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)