පසුගියදා විවෘත කළ රාජගිරිය ගුවන් පාලමේ මුල් අදියර පමණක් විවෘත කළ බවත් පාලමේ අඩුපාඩු කතා
පතුරා දේශපාලන

වාසි ගන්නට ඇතැමුන් උත්සාහ කරන බවත් නි.ඇමති හර්ෂ ද සිල්වා කියා සිටී.

‘පාලමට චෝදනාවක් ඇවිල්ල තිබුණා. මීටර් 534 ක් දික්වෙන්න ඕන නමුත් සියයට 15 ක් ගාණ ඉතුරුකරගන්න ඒක අඩු කරලා කියලා. මීටර් එකක්වත් අඩුවෙන්නෙ නෑ. කරුණාකරලා මේවා ඔයගොල්ලන්ගෙ රූපවාහිනී වල දාන්න. මොකද අසාධාරණ විදිහට චෝදනා එල්ල වෙලා තියනව මේක අඩු කරල කියලා. පාර හදලා ඉවරයි. පාලම යට ගොඩක් වැඩ කරන්න තියනවා. අපිට පාලම යට වැඩ ටික ඉවරකරගන්න තමා පාලම උඩට වාහන ටික යන්න සැලැස්සුවේ. ඉතින් ඉතිරි වැඩ ටික කරගන්න තියනවා.‘