හිඟන්නන් පෙන්නා ඉන්ධන හොරට ගසන
නාවල ඕපන් යුනිවර්සිටි අසල ඉන්ධන හලට සීල්

පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ විවිධ චෝදනාවන් එල්ලවීම නිසා කථාබහට ලක්වූ නාවල විවෘත විශ්ව විද්‍යාලය අසළ පිහිටා තිබෙන ඉන්ධන පිරවුම් හලට ඊයේ සීල් තබා තිබේ.
මෙම සීල් තැබීමට හේතුවී ඇත්තේ ඛනිජ තෙල් සංස්ථා නියමයන්ට අනුකූල නොවී ඉන්ධන හලක පොම්පයකින් බවුසරයකට භූමිතෙල් නිකුත් කිරීම යන චෝදනාව යටතේය.
මින් ඉහත මෙම පිරවුම් හලට එන පාරිභෝගිකයින් කළ එක් චෝදනාවක් වූයේ වාහන වලට ඉන්ධන  පුරවන අතර පෙර සූදානම් කළ හිඟන්නෙකු රියදුරු අසළට එවා
අවධානය වෙනස් කර

අඩුවෙන් පෙට්‍රල් ගැසීමක් සිදු කරන බවයි. තවත් චෝදනාවකින් පැවසුනේ මිශ්‍ර කළ පෙට්‍රල් පොම්ප කරන බවයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරවුම් හලක් ලෙස ලියාපදිංචිවී ‘ඩිලී‘ යන නාමය යටතේ මෙම පිරවුම් හළ පවත්වා ගිය අතර ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා දන්වා තිබන්නේ බවුසරයකට ඉන්ධන හලේ පොම්පයකින් භූමිතෙල් පිරවීමේ චෝදනාවක් යටතේ එම සීල් තැබීම සිදුකර  ඇති බවත් පරීක්ෂණ අවසන් වන තුරු වසා තැබෙන බවත්ය.
පහත පළවන්නේ මීට මාස කිහිපයකට පෙර මෙම පිරවුම් හළේම හිඟන්නන් යොමු කර ගසා කෑමේ උපාය සිදු කළපසු ඒ සම්බන්ධ විස්තරයක් පාරිභෝගිකයෙකු විසින් ෆේස් බුක්හි සටහන් කර තිබූ අයුරුය.