ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න ශ්‍රී ලනිපයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ට ආරාධනයක් කරයි.ඔහු ඒ ආරාධනය කෙළේ මෙසේයි.

"2015 අගෝස්තු මැතිවරණයේදී

ජයග්‍රහණය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු සියලුදෙනා මාත් එක්ක එකට හිටගන්නවා නම්, මම ලෑස්තියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න. ඔය ජී.එල්. පීරිස්ගේ කුණු කානුවෙන් ඉවත්වෙලා එන්න. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න හෙට වුණත් ලෑස්තියි. හෙට එන්න අපේ ගෙදරට. 96ම එකට හිටගන්න. මම ආණ්ඩුවක් හදලා පෙන්වන්නම්. මගේ ඇඟේ තිබෙන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි.

ජනාධිපතිවරයා ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ට ආරාධනයක් කරමින් මේ ප්‍රකාශය කෙළේ රත්නපුර නගරයේ පැවැති ශ්‍රී ලනිප හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේක්‍ෂකයන්ට සහයෝගය පළ කරන ජන හමුවේදීය.