ඌව පළාත් මහ ඇමතිවරයා විදුහල්පතිනියක දණ ගස්සවා වන්දවා ගැනීම සම්බන්ධයෙන් හෙළි දරව් කිරීමෙන් පසු තමන් මහ ඇමතිවරයාට අපහාස කළේ යැයි පවසා පොලීසියට පැමිණිලි කර තමන් වෙත එවනලද එන්තරවාසියම උපයෝගී කරගනිමින් ජවිපෙ පළාත් මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා විසින් හරස්
ඉල්ලීමක් යොමු කිරීම සඳහා

කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

යම් අයෙකු තවත් අයෙකුට එන්තරවාසියට ඉදිරිපත් කළ පසු එම එන්තරවාසියේ කරුණු සාවද්‍යනම් එම එන්තරවාසිය මගින් චූදිත වන තැනැත්තාට අපහාස සිදුවීම මත පදනම්ව එය යොමු කළ තැනැත්තාගෙන් වන්දි ඉල්ලීමට ඇති නීති ප්‍රතිපාදන මත පදනම්ව මෙම හරස් ඉල්ලීම යොමු කිරීමට කටයුතු කරමින් ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමන්ත විද්‍යාරත්න මහතා පවසා සිටියේ මේ වනවිටත් ඊට අදාළ හරස් ඉල්ලීම සැකසීමේ කටයුතු නීතීඥ කණ්ඩායමක් විසින් සිදු කරමින් සිටින බවයි.

සමන්ත විද්‍යාරත්න මහතා තවදුරටත් පවසා සිටියේ තමන්ට එරෙහිව මහ ඇමතිවරයාගේ ගොනු කරන නඩුවෙන්ම මහ ඇමතිවරයා වගඋත්තරකරුවෙක් කර වන්දි අයකරගැනීමට කටයුතු කරන බවය.