2004 වසරේ දෙසැම්බර් 26 දා සිදුවූ සුනාමි ඛේදවාචකයට අදට වසර 13 ක් පිරේ.
රටවල් ගණනාවක ලක්ෂ

දෙකකට ආසන්න පිරිසක් මරුදුටු ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 35000කට අධික පිරිසක් මරු දුටු මෙම ඛේදවාචකය නිසා මිලියන දෙකක් පමණ පිරිස් අවතැන් විය.
අද සුනාමි සැමරුමට අදාළව පැරෑලිය සුනාමි ස්මාරකය ඉදිිපිට ප්‍රධාන ආගමික වැඩසටහන සිදුවෙයි. මරදාන දුම්රිය ස්ථානයෙන් පිරිත් දේශනා කරමින් විශේෂ දුම්රියක් පැරෑලිය කරා ගමන් කිරිමට නියමිතය.
සුනාමි දිනයේදී පැරෑලිය දුම්රිය අනතුරින් 1500කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූයේ මුහුදු රළට දුම්රිය හසුවීම හේතුවෙනි.