දුම්රිය වර්ජනය අවසන් වනතුරු දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය හිමි මගීන්ට ජාතික ගමනා ගමන මණ්ඩලයට අයත්
බස්රථ

වල නියමිත ගමනාන්තය දක්වා නොමිලේගමන්කිරීමට අවස්ථාව හිමිව ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල්සිරිවර්ධන මහතා කියයි.

ගමනා ගමන මණ්ඩලයේ සියලුම ඩිපෝ වෙත මේ පිලිබඳව දැනුම් දී ඇතැයිද සමාන්‍යයෙන් දුම්රිය ධාවනය සිදු වු ගමනාන්තයන් වෙත ලගා වීමට හැකි ආකාරයට සහ එම ගමනාන්තයන්හි සිට කොළඹ බලා ඒමට අවශ්‍ය පරිදි බස් රථ ධාවන වාර වැඩි කිරීමට උපදෙස්ලබා දුන් බවද සභාපතිවරයා පවසයි.