අවසානයේ සබීතාගේ ගොඩනැගිල්ලේ
කෘෂිකර්ම අමාත්‍යංශය පිහිටුවයි

අධික මාසික කුලියක් ගෙවන රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ල පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩුදුන්නේ එය දුමින්ද දිසානායක ඇමතිවරයාගේ හිතවත්කම මත පැරණි සිනමා නිළි සබිතා පෙරේරාගේ සැමියාගෙන් ලබාගෙන ඇති නමුත් එයින් ප්‍රයෝජනයක් නොගන්නා බව කියමිනි.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද විවිධ ප්‍රශ්න කිරීම් සිදුවූ අතර
ඇමතිවරයා

පසුගියදා කියා සිටියේ එම ගොඩනැගිල්ලේ කුලිය අනෙක් අමාත්‍යංශ හා සාපේක්ෂව විශාල වියදමක් නොවන බවත් මෙතෙක් කල් එහි පදිංචියට ගොස් අමාත්‍යංශය පිහිටුවන්නට බැරිව ගියේ එහි ඇතුළත වෙන්කර සකස් කිරීම් (පාටිෂන්) තවම ඉවර නැති නිසා බව කියමිනි.
කෙසේ වෙතත් මෙම කටයුතු නිමවූ නිසාදෝ ඊයේ වාර්තා වූයේ ගොඩනැගිල්ලට අමාත්‍යංශ සේවකයින් රාජකාරී සඳහා වාර්තා කරන ලද බවයි.
මේ දක්වා බත්තරමුල්ල රජමල්වත්ත පාරේ 'ගොවි ජන මන්දිරය' නමින් පැවති අමාත්‍යංශය මින් පසු එහි පවත්වා නොයන අතර ඉදිරියේදී නාවික හමුදාව මගින් ප්‍රතිසංස්කරණය කර පාර්ලිමේන්තු අධික්ෂණ කමිටු වල කටයුතු සඳහා භාර දීමට නියමිතය.