තුර්කියේ ඩෙනිම් ඇඟලුම් නිෂ්පාදන සඳහා සම්භාණ්ඩ සහ ලේබල නිපදවන ප්‍රධාන සමාගමක් වන 'ඩෙරි ඩෙසන්'
මෙරට තම

නිෂ්පාදන ආරම්භ කිරීම සඳහා සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පසුගියදා තුර්කියේ කළ නිල සංචාරයේදී එරට ආයෝජකයන් හමුවී කළ ඉල්ලීමකට අනුව මෙම සමාගම මෙරට ආයෝජන සඳහා අවධානය යොමු කර ඇත.

මේ සාකච්ඡාව සඳහා එම සමාගමේ ගෝලීය සන්නාම සංවර්ධන කළමනාකරු සාර් මිසන්හි ෂදි, සාමාන්‍යාධිකාරි සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික එලීෆ් සෙර්ට්කායා, අපනයන මණ්ඩලයේ සභාපති ඉන්දිරා මල්වත්ත යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.