ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ආරම්භයට පෙර ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ 20 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරගාවලිය නිමාවත් සමඟින් පියවර කිහිපයක් ඉදිරියට තබමින් 9 වැනි ස්ථානයට පැමිණ තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා

ටෙස්ට් නායකයා ඉන්දියානු තරගාවලියට පෙර ශේ්‍රණිගත ලකුණු 658ක් ලබා 20 වැනි ස්ථානයේ පසුවුවද ටෙස්ට් තරගාවලියේදී එක් ශතකයක් හා අර්ධ ශතක දෙකක් සමඟින් මුළු ලකුණු 366ක් (සාමාන්‍ය 64.00) ලබා ගැනීම හේතුවෙන් මේ වනවිට ශේ්‍රණිගත ලකුණු ප්‍රමාණය 743ක් දක්වා වැඩි වී තිබීමද කැපී පෙනේ.
මේ අතර පසුගිය සතියේදී ශේ්‍රණිගත ලකුණු 620ක් ලබා පිතිකරණ ශේ්‍රණිගත කිරීම්හි 30 වැනි ස්ථානයේ පසු වූ ඇන්ජිලෝ මැතිව්ස් නිමාවූ තෙවැනි තරගයේ පළමු ඉනිමේදී ලැබූ ශතකය (111) හේතුවෙන් මේ වනවිට 23 වැනි ස්ථානය දක්වා පියවර 7ක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබීමද විශේෂත්වයකි.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව සමඟින් පැවැති ටෙස්ට් තරගාවලියට පෙර ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ ශේ්‍රණිගත කිරීම්හි ශේ්‍රණිගත ලකුණු 806ක් ලබා හය වැනි ස්ථානයේ පසු වූ විරාත් කෝලි ටෙස්ට් තරගාවලියේදී ශතක තුනක් (එක් ද්විත්ව ශතකයක්ද සමඟින්) හා එක් අර්ධ ශතකයක් සමඟින් මුළු ලකුණු 610ක් ලැබීම හේතුවෙන් මේ වනවිට පිතිකරණ ශේ්‍රණිගත කිරීම්හි දෙවැනි තැනට පැමිණ සිටී.