ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ මහ නගරසභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස අසාද්සාලී මහතා තරග කිරීමට සූදානම් වන බවට වාර්තාවේ.




මේ පිළිබඳ අසාද්සාලි මහතාගෙන්  කළ විමසීමේදී ඔහු පැවැසුවේ ජනාධිපතිවරයා මේ පිළිබඳ ඔහුගෙන් ඉල්ලීමක් කර ඇති නමුත් තවමත් ශ්‍රී ලනිපයෙන් තීරණයක් ගෙන නොමැති නමුත් ඉදිරියේදී රැස්වන පක්ෂයේ මධ්‍යම කාරක සභාව මේ ගැන තීරණයක් ගනු ඇති බවයි.

අසාද් සාලි මහතා මීට පෙර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වරයා ලෙසද කටයුතු කළේය.

මේ වන විට ඔහු ජාතික සමගි පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරයි.