විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකවරයා වශයෙන් කටයුතු කළ පියසිරි
විජේනායක මහතා

එම පෙරමුණේ දැරූ සියලුම තනතුරු වලින් මෙන්ම සාමාජිකත්වයෙන්ද ඉවත් කරන්නට එහි වැඩබලන ලේකම්වරයා කටයුතු කර තිබේ. ඒබව දන්වා ඊයේ ලිපියක්ද යොමු කර ඇත.
විමල් වීරවංශ පාර්ලිමේන්තුවට බෝම්බ ගසන්නට යන බවට කළ කතාව දැඩි විවේචනයට ලක්කිරීම විනය නීති කඩ කිරීම ඇතුළු කරුනු කිහිපයක් යටතේ මෙම දඩුවම පනවන ලදැයි එහි දැක්වේ.
මීට ටික දිනකට පෙර එම පෙරමුණේ ලේකම්වරයාද ඉල්ලා අස්වී තිබුණ අතර මෙම ලිපිය නිකුත්වූයෙ වැඩබලන ලේකම්වරයෙකු අතිනි.