ඇතිවී තිබෙන තෙල් අර්බුදය ගැන විරෝධය
පළකරමින් වයඹ පළාත්

සභාවේ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක්‌ ඊයේ (07 දා) ගොන් කරත්තයකින් පළාත් සභා රැස්‌වීමට පැමිණියහ.
රටේ ජනතාවට අවශ්‍ය තරමට ඉන්ධන ප්‍රමාණවත් අයුරින් සපයාදීමට නොහැකි වර්තමාන ආණ්‌ඩුව ජනතාව අපහසුතාවට පත්නොකර වහාම ඉවත් විය යුතු බව පවසමින් විරෝධතා දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක ද නිරත වූහ.