‘පායා එන්න හිරු සේ’ “ආදරණීය කතාවක්” වගේ චිත්‍රපටවලින් වගේම ‘බොඳ මීදුම්’ හි සංසලාගේ චරිතයෙන්ද ප්‍රේක්ෂක ආදරය දිනා ගත් උදාරි වර්ණකුලසූරිය මේ දිනවල විකාශනය වෙන ‘පිනි’ ටෙලි නාට්‍යයේ සුද්දිගේ චරිතයෙන්ද ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගෙන සිටිනවා. ඒ අතරම උදාරි ‍පොලිස්
පරීක්ෂකවරියක් වී ඇති බවටත් තොරතුරු මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙනවා. ඒ ගැන වගේම ඇයව රංගන ශිල්පිනියක් කළේ කවුද කියන එකත් මුලින්ම උදාරි කිව්වේ අපිටයි.



උදාරි අපරාධ විමර්ශන අංශයේ ‍පොලිස් පරීක්ෂකවරියක් වුණා කියන්නේ ඇත්තද?
මම ‍පොලිස් පරීක්ෂකවරියක් වුණේ “‍පෝරිසාදයා” කියන චිත්‍රපටය වෙනුවෙන්. ඒ අත්දැකීම ගොඩක් සුන්දරයි. මං හිතනවා මේ චිත්‍රපටය මගේ ජීවිතේ සුවිශේෂීම සන්ධිස්ථානයක් කියලා. චිත්‍රපටය තාම තිරගත වෙලත් නැහැ. ඒත් එහි ප්‍රචාරක පටයෙන්ම මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ නිසා චිත්‍රපටය තිරගත වුණාම ප්‍රේක්ෂකයෝ මට තවත් ළං වෙන බව මට විශ්වාසයි.

උදාරි වැල්‍ලේ සුද්දි කියලා නමත් වෙනස් කරගත්තා නේද?
මං නමෛයි. මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ තමයි අනේ මගේ නම වෙනස් කරලා කතා කරන්නේ. මේ දවස්වල විකාශනය වෙන “පිනි” ටෙලි නාට්‍යයේ මම නිරූපණය කරන්නේ නිම්සරාගේ චරිතය. ඒත් වැල්‍ලේ අය ඇයට කතා කරන්නෙත් “වැල්‍ලේ සුද්දි” කියලා. ඒ විතරක්ද මම මේ දිනවල එළියට බැස්සම කට්ටිය මට අන්න වැල්‍ලේ සුද්දී එනවා කියලා කෑ ගහනවා. මේ තරම් ප්‍රතිචාර ලැබෙනකොට පුදුමාකාර ආත්ම තෘප්තියක් ලැබෙනවා.

උදාරිගේ පුංචි කා‍ලේ ඉඳලාම තිබුණු හීනයක්ද රංගන ශිල්පිනියක් හෝ තරුවක් වීම?
අනේ නැහැ. මම ‍පොඩි කා‍ලේ ඉඳලාම ආශා කළේ හෙදියක් වෙන්න. ඒත් මගේ තාත්තා මම ඉපදෙනකොටම මගේ පෙකනි වැල අතගාලා මගේ රත්තරං දුවව මං කවදා හරි රූප සුන්දරියක් කරනවා කියලා මාව ආදරෙන් තුරුළු කරගෙන තියෙනවා. මට හිතෙන විදිහට මම නිළියක් වෙලා ඉන්නේ තාත්තාගේ ඒ හීිනය නිසාමයි.



ලෝක රූ රැජින තරගාවලියකට සහභාගි වෙලා උප කිරුළු කිහිපයක්ම හිමිකරගත් උදාරිට අද පැවැත්වෙන රූ රැජින තරග ගැන මොකද හිතෙන්නේ?
රූ රැජිනක් ඔටුන්නක් ඔළුවට දාගන්නවා විතරක් නෙවේ, අපේ රටේ අනන්‍යතාව ලෝකයටත් ගෙන යනවා. ඒත් අද මේ වගේ තරගාවලි වැහි වැහැලා. එක එක ක්ලබ්වලින් ප්‍රමිතියක් නැති තරගාවලි සංවිධානය වෙනවා. ඇත්තටම එතනදී ගැහැනු
ළමයින්ගේ විනය විකිණෙනවා. අනිත් එක රූ රැජින තරගයකදී බිකිනි අඳින්න කියලා බල කරන්න කාටවත් බැහැ. මම ආධුනික තරුණ තරුණියන්ට ආදරෙන් කියනවා, මේ වගේ තරගයකට අයදුම් කරනවා නම් ඒ ගැන අධ්‍යයනයක් කරලා ඉදිරිපත් වෙන්න කියලා.

ඉක්මනින්ම විවාහ වීම ඔබේ ජනප්‍රියත්වයට බාධාවක් වුණේ නැද්ද?
කිසිම බාධාවක් වුණේ නැහැ. මගේ විවාහය තමයි මගේ රංගන ජීවිතේ ලොකුම ශක්තිය වුණේ. මම ජනප්‍රිය නිළියක් කියන ජනතා සම්මානේ පිට පිටම දිනා ගත්තෙත් විවාහයෙන් පස්සේ තමයි. ඉතින් කොහොමද කියන්නේ විවාහය රංගන ශිිල්පිනියකගේ ජනප්‍රියතාවට බාධාවක් කියලා?

කාලයක් උදාරිට විවිධ කටකතා හැදුණා. ඒ අවස්ථාවලදි සැමියා කොහොමද ප්‍රතිචාර දැක්වූවේ?
ඔහු ඒවා ගණන් ගත්තේ නැහැ. ඔහු මගේ දවෛනි තාත්තා විදිහට මට ඒවාට මුහුණ දෙන්න විශාල ශක්තියක් වුණා. ඔහු හරිම බුද්ධිමත් සැමියෙක්.

උදාරි රංගන ශිල්පිනියක්. සුජිත් වෛද්‍යවරයෙක් ඉතින් දෙදෙනා අතර ඇති වෘත්තීමය පරස්පරතාව උදාරිගේ රංගන ජීවිතයට අභියෝගයක් වූ අවස්ථා නැද්ද?
කවදාවත් ඒක මගේ ජීවිතයට අභියෝගයක් වුණේ නැහැ. ඉදිරියේදී වෙන්නෙත් නැහැ. දැනට අපි විවාහ වෙලත් අවුරුදු 10ක් වෙනවා. සුජිත් මට නිතරම කියන්නෙත් “උදාරි මට ඔයාව හම්බ වුණෙත් රංගනය නිසානේ. ඔයා ඒක නැති කරගන්න එපා කියලා. අදටත් එයා මට කියනවා ඔයා නිෂ්පාදනයක් කරන්න මම සල්ලි දෙන්නම් කියලා.

සමන්මලී නැලිගම (lakbima)