ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඉන්දීය තරඟ සංචාරය පිළිබඳ අදහස් දක්වමින් ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේ දී ටෙස්ට් තරඟ ජයක් ලැබීම තමාගේ එක් සිහිනයක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක රංගන හේරත් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරඟ සංචාරය ලබන 16 වැනිදා ආරම්භ වන අතර ටෙස්ට් තරඟ තුනකින්, එක්දින තරඟ තුනකින් සහ 20/20 තරඟ තුනකින් තරඟාවලිය සමන්විත වෙයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ දක්වා ටෙස්ට් තරඟාවලි 15ක් පවත්වා ඇති අතර ඉන් 8ක් ජයග්‍රහණය කිරීමට ඉන්දීය

කණ්ඩායම සමත්ව තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලි තුනක් පමණක් ජයග්‍රහණය  කර ඇති අතර ජය පරාජයෙන් තොරව අවසන් වී ඇති ටෙස්ට් තරඟාවලි සංඛ්‍යාව 4ක් වෙයි.
ශ්‍රී ලංකා කාණ්ඩයම සහ ඉන්දීය කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලිය සඳහා
සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය දැන් නම් කර තිබෙයි.මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්ය.

දිනේෂ් චන්දිමාල් මෙහි නායකත්වය දරන අතර අබාධයකට ලක්ව සිට මේ වන විට සුවය ලබා සිටින
ඇන්ජලෝ මැතිව්ස් මෙම සංචිතයට එක්කර තිබෙයි.

දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණරත්න, ධනන්ජය ද සිල්වා, සධීර සමර වික්‍රම, ඇන්ජලෝ
මැතිව්ස්, ළහිරු තිරිමාන්න, රංගන හේරත්, සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා, ලහිරු ගමගේ, ලක්ෂාන්
සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, දසුන් ශානක,නිරෝෂන් දික්වැල්ල, රොෂාන් සිල්වා යන ක්‍රීඩකයින් මෙම
සංචිතයට ඇතුළත්ය.
පකිස්ථානය සමඟ පැවති ටෙස්ට් තරඟාවලියට සහභාගී වූ කුසල් මෙන්ඩිස් සහ කෞෂල් සිල්වා මෙම සංචිතයට ඇතුලත්ව නැත.