කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවකට අනුව කොල්ලුපිටිය ආර්.ඒ.ද මැල් මාවතේ සම්භාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන යන ලද ගණිකා මධ්‍යස්ථානයක් ⁣කොල්ලුපිටිය
පොලිස් ස්ථානයේ

නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

මෙහිදි ගණිකා සේවයේ යෙදුනු කාන්තාවන් සිව්දෙනෙකු පරිපාලනය කටයුතු කල පුද්ගලයකු හා අනුබල දීම යටතේ තවත් පුද්ගලයකු ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කොල්ලුපිටිය පොලිස් ස්ථානය මගින් සිදුකරනු ලබන අතර මෙම සැකකරුවන් අද දින (05) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

බොරැල්ල ප්‍රදේශයේ ද මෙම ආයතනයේ ශාඛාවක් ඇති බව වාර්තා විය. ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් එය පවත්වාගෙන යනු ලබන බවටද තොරතුරු ලැබී ඇත.