ජාතික රෝහ‍ලේ හෘද සැත්කම් ලබන 1 වැනිදින සිට තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා බව ජාතික රෝහ‍ලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා මහතා සඳහන් කරයි.
හෘද ශල්‍යාගාර නවීකරණය කිරීම හේතුවෙන් මෙසේ සැත්කම් නතර කිරීමට තීරණය කළ බව හෙතෙම පෙන්වා දේ.
මේ අනුව ‍පොරොත්තු ‍ලේඛනයේ සිටින රෝගීන් ගාල්ල කරාපිටිය රෝහලට සහ නුවර මහ රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු යොදා ඇති නමුත් හදිසි ශල්‍යකර්ම පමණක් කරන බව සිරිල් ද සිල්වා මහතා සඳහන් කරයි.
හෘද ශල්‍යාගාර නවීකරණය කිරීම හේතුවෙන් මෙසේ සැත්කම් නතර කිරීමට තීරණය කළ බව

හෙතෙම පෙන්වා දේ.
මේ අනුව ‍පොරොත්තු ‍ලේඛනයේ සිටින රෝගීන් ගාල්ල කරාපිටිය රෝහලට සහ නුවර මහ රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු යොදා ඇති නමුත් හදිසි ශල්‍යකර්ම පමණක් කරන බව සිරිල් ද සිල්වා මහතා සඳහන් කරයි.
ශල්‍යාගාරය ඉදිකරන අදාළ සමාගමට මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් එම සමාගම නවීකරණ කටයුතු මන්දගාමීව කරන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
අප මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් විමසූ කළ ඔහු සඳහන් කළේ මුදල් ගෙවීමේ යම් යම් ප්‍රමාදයන් ඇති වූ නමුත් මේ වන විට අදාළ සමාගමට මුදල් ගෙවීම නිසි පරිදි කරන බවකි.
කෙසේ නමුත් මෙම ශල්‍යාගාරයේ නවීකරණ කටයුතු කර නැවත භාරදෙන තෙක් අනෙක් ශල්‍යාගාරය තුළද සැත්කම් කිරීම නතර කිරීමට ශල්‍ය වෛද්‍යවරුන් තීරණය කර ඇත.
ඉදිකිරීම් කරන අදාළ සමාගමට දැන් නිසි පරිදි මුදල් ලැබෙන බැවින් නවීකරණ කටයුතු නිමකර දෙසැම්බර් 31 වැනි දිනට පෙර ශල්‍යාගාරය භාරදෙන බවට ‍පොරොන්දු වී ඇතැයිද පැවැසේ.

ශ්‍රියානි විජේසිංහ