පීවිතේ කියන්නේ අරුම පුදුම දෙයක්. ඒ. පීවිතය තවත් ලස්සන වෙන්න අපි ආදරය පතනවා. ඉතින් ඒ ආදරය ගලන විදිය ගංගාවක් මෙන් සුන්දරයි. දුලානි අනුරාධාගේ පීවිතයට ආදරය ගලාගෙන ආවේ අරුම පුදුම විදියටයි. දවසක් හවසක වෙවිච දෙයක් ගැනත් කතාව අතරතුරදී අපි දුලානිගෙන් ඇහුවා.


දුලානි දැන් ඉතින් නටන එක තමයි නේද ජීවිතේ?
මම පාසල් පීවිතයත් එක්ක වැඩ කරපු කාලේ මම වැඩ කළේ හරීම අඩුවෙන්, මගේ රස්සාව හින්දා රඟපෑම් කරන්න අමාරුයි. පෙනනවා අඩු නිසා වෙන්න ඇති එහෙම කියනවා ඇති.

ගුරුවරියක් වෙලා පුංචි අය එක්ක ඉද්දි සිනමාවේ වැඩවලට එන්න ලෝබ හිතෙනවද?

එහෙම හිතෙන් නෑ. මම රංගනය වගේම මගේ වෘත්තියටත් දෙකටම ආදරේ කරනවා. දෙකෙන් එකක්වත්නැතිනරගන්න බැරි තරමට ලෝබකමක් තියෙනවා. පාසලේදී උපරිම වගකීමෙන් වැඩ කරනවා. අතපසු වීමක් වෙන්නේ ඉතින් මෙග් රංගන පීවිතයට තමයි.

 ඉතින් මුල් කාලේ ආපූ රජ කතා රැල්ල ගියාමද දුලානිට තැනක් නැති වුනේ?
එහෙම නැහැ. මේ අවුරුද්දේ මුල් කාලේ ළමා චිත්‍රපට දෙකකට සමිබන්ධ වෙලා වැඩ කළා. ලබන මාසේ තවත් චිත්‍රපටයක් කරන්න සූදානමින් ඉන්නවා.

ඊට පස්සේ සුගත් අයියා එක්ක කරනවා කියපු වැඩේ තවම ආවෙ නැද්ද?
 ඔව්. ඉතින් නිර්මාණ කියන්නෙ අපි එක එක අවස්තාවල මුහුණදීපු  දේවල්  වෙන්න පුළුවන්, මට ගැළපෙන දෙයක් තිබුණොත් මට කතා කරයි. කතා නොකළැයි කියලා හිතේ අමනාපයක් නැහැ. මාවම ගන්න කියලා නියමයක් නෑ. සුගත් අයියගෙන් ආපු ඇතැම්   ආරාධනා නිෂ්පාදිකවරුන්ගේ යම් යම් ප්‍රශ්න නිසා කරගන්න බැරි වුනා.


 කොහොමද ජීවිතේට ආදරේ දැනෙන්නේ?
ආදරය කියන්නේ ජීවිතේට නැතිවම බැරි ජීවත්වෙන්න ප්‍රධාන උත්තේජනයක් කියලයි මට හිතෙන්නේ.

පුංචි කාලේ වින්ද ආදරේ මතක සැමරුම් තවම තියනවද?
ඒ ගැන මතක් වෙනවා.නමුත් ගිලිහී ගියා කියලා ඒ කාලෙ දැනුණ දුක දැන් නැහැ. සුන්දර මතකයන් සමහර අවස්ථාවල මතක් වෙනවා.

මුල්ම කාලේ තිබුණ ආදරේ ක්ෂෙත්‍රයට එද්දි ගිලිහුනාද?
උසස් පෙළ විභාගයෙන් පස්සේ තමයි මම ප්‍රථම ආදරයක් විඳින්න පටන් ගත්තේ.විශ්ව විද්‍යාල ජීවිතය ගතකරද්දී චිත්‍රපටවලට සම්බන්ධ වුනා.ඒ වෙද්දිත් ප්‍රථම ආදරය මගෙන් ඇත්වෙලා ගොඩක් කල්.

තාත්තා ගොඩක් සැර නිසා ආදරේදි ගොඩක් පරිස්සම් වෙන්න ඇති නේද?
ඇත්තටම අපේ තාත්තා එහෙම සැර පරුෂ කෙනෙක් නෙමේ. මම ගෙදරට පොඩි බයක් තිබ්බා. තාත්ත මට එහෙම ගහල නෑ.බොහොම අඩුවෙන් බැණලතියෙන්නේ. ඒ නිසාම ගොකු ගෞරවයක් තිබුනා.ඒ අතර අයියා බොඩිගාඩ් වගේ ළඟින් හිටියා.


මොනතරම් වැඩ තිබ්බත් හවසට ආදරවන්තයා ළඟ ඉඳන් තේකෝප්පයක් රස විඳිමින් ආදරය විඳිනව කියන්නේ ඇත්තද?
එහෙම ආදරයක් මම විඳින් නෑ.ඒත් ආදරය නැතිව ජීවත්වෙන්න බෑ.සතුටින් ඉන්නවා එතැනින් එහාට දෙයක්නෑ.

ඔයා ආදරවන්තයෙක් විදිහට තෝරගත් කෙනා උසස් නිලධාරියෙක් වෙන්න ඇති නේද?
අනේ එහෙම කෙනෙක් නෑ. මමවත් නොදන්න මගේ ප්‍රේමවන්තයා කවුද? උසස් කියල මිනිස්සු හදාගත්ත රාමු තියනවා.දේපොළ සල්ලි යන වාහන මෙ කිසි දෙයක් වැඩක් ව‍ෙන්නෙ නෑ.
මම කැමති මාත් එක්ක එකට අත් අල්ලන් මාත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් එකට ජීවත් වෙන්න පුළුවන් මාව තේරුම් ගන්න පුළුවන් මාව පෝෂණය කරන්න පුළුවන් කෙනෙක්ට

ඔයා ක්ෂේත්‍රයේ වෙනස්ම කෙනෙක් නිසා ආදරය ලස්සණට ගලාගෙන යාවි නේද?
ආදරය ගැන මේ වෙලාවේ කිසිම දෙයක් කතාකරන්න බැහැ.

වසන්ත විතාරණගේ (ජනයුගය)