ඉරාජ්ගෙ දැනුණා මියුසික් විඩියෝ එකට ගහන්න හදපු ලක්ෂ 8 කට ආසන්න නැරඹුම් ලබපු පැරඩි එකේ අයිතිකාරයා වෙන කවුරුන් නොවේ තිවංක මිහිරාන්.

නිවංක ගැන කිව්වොන්?
තිවංක කියන්නෙ නිදහස් මනුස්සයෙක්.


නිවංක ඉරාජ්ට වැඩේ දුන්නා නේද?
ගොඩක් අය මම ඉරාජ්ට වැඩක් දුන්නා කියලා කියනවා. නමුත් මම කවුරුන් හෝ තනි කෙනෙක්ව ඉලක්ක කරලා දෙයක් කළේ නෑ. මේ සමාජයේ අපි දකින කලාව බිස්නස් එකක් බවට පරිවර්තනය වීම ගැන කරපු පැරඩි වීඩියෝවක් ඒක.මීට කලිනුත් මම මගේ වීඩියෝවලින් කතා කළේ මේ රටේ සිදුවන සමහර නොවිය යුතු දේවල් ගැන.

දැනුනා සින්දුවට මේ වෙනකොට ලැබුණු ප්‍රතිචාර ගැනත් කියමු පෙනේද?
දැනුණා ගීතයට නම් ඉහළින්ම ප්‍රතිචාර ලැබෙනවා.

ඒත් ඒ ප්‍රතිචාර මට දැනෙන්නේ වෙනස් විදියට. මොකද මේක ඇත්තටම මම මගේ ගීතයක් එළිදක්වනවා කියලා රසික ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් කරපු දෙයක් නොවන නිසා.

youtube trending උඩින්ම ඉන්නවා නේද?
මේ වෙනකොට ගොඩක් අය ලොකු මුදලක් වියදම් කරගෙන කරපු සියල්ල පහුකරගෙන youtube trending අංක එකේ තියෙන්න‍ෙ මේක.

සින්දුව කළේ වික්ටර් ගොඩක් ආදරේ කරන රසිකයෙක් හින්දා කියලත් ආරංචියි?
මම වික්ටර් රත්නායක මහත්මයාගෙ පමණක් නොවෙයි, මේ රටට කාලාවෙන් විශාල සේවයක් කරපු සැබෑ කලාකරුවන් හැමදෙනාගෙම හොඳ රසිකයෙක්.
නමුත් මම මේ නිර්මාණය කාගෙන්වත් පලිගැනීමට කරපු දෙයක් නම් නෙවෙයි.
වික්ටර් රත්නායක මහත්මයා ඇතුළු ප්‍රවීණයන්ගෙන් පසු මේ රටේ බිහිවන සමහර කලාකරුවන් යැයි කියාගන්නා ඕනෑම දෙයක් මුදලට විකුණන වෙළෙන්දො උපහාසයට ලක්කරන්නයි මට ඕන වුණේ.

මේ වැඩේ දැකලා ඉරාජ් කතා කළේ නැද්ද?
නැහැ. මට කතා කළේ නැහැ.

දැනුණා title එක කළේ ඉරාජ්ගේ සින්දුව title එක වුණාම ටිරෝන්ඩින්ග් වලින් සල්ලි ලැබෙන හින්දා නේද?
මේ ගීතයේ පදවලට ගැළපෙන නමයි මම දැම්මේ.

කලාව කියන්නෙ මෙලෝ රහක් නැති නිර්මාණයක් කරන එකද?

මේක මෙලෝ රහක් නැති නිර්මාණයක්, ඒකයි මිනිස්සූ මේක රහ කර කර බලන්නෙ.මේක නෙවෙයි මම කරන කලාව. මේක මම විනෝදෙට කරපු පැරඩියක් මගේ කලාව තියෙන්නෙ වෙනම තැනක. මම මෙච්චර කල් කරපු සම්මාන පවා ගත්තු සමාජයට වැදගත් පණිවුඩ දෙන කෙටි චිත්‍රපට, රූප රචනා තිබුණත් ඒවා
මෙහෙම රහ කර සල්ලි ලැබෙනවා නම් මොනවද කරන්න බැරි?
මිනිස්සු කලාවෙන් අයින් වෙනවා. කුණු රහ පස්සේ යනවා.

තිවංක වික්ටර්ගෙ පුතාලගෙ යාළුවෙක්ද?

ලෙලූම්, ජයන්ත මගෙ යාළුවො නෙවෙයි

Interview -Malsha Nanayakkara