හම්බන්තොට පැවැති විරෝධතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින 40
දෙනාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ,

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක, දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරාළ ඇතුළු අට දෙනෙකුට ඇප හිමිවිය.
එක් අයෙකුට ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත මෙම ඇප නියම කළේ හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතායි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර, විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු 32 ක් මේ මස 30 වෙනිදා දක්වා යළි බන්ධනාගාරගත කිරීමට  හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා අද නියෝග කොට ඇත.