කුසගින්නේ පාසලට පැමිණි කැකිරාව මඩාටුගම රේවත මහා විද්‍යාලයේ දැරියකට වමනය යාමෙන් පසු ඇය
ගැබ් ගෙන ඇතැයි කියමින්

පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධිය සමිබන්ධයෙන් කළ මූලික විමර්ශනයෙන් පසු එම පාසලේ විදුහල්පතිනියගේ වැඩ තහනම් කළ බව අධ්‍යාපන අමාත්‍යනාංශය දන්වා සිටී.
මෙම පාසල අමාත්‍යංශයට නොව පළාත් සභාවට අයත්වූ එකක් වූ අතර රජයේ උපදෙස් පරිදි උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය ඇයව ඉවත් කර අමාත්‍යංශයට ලිඛිතව දැනුම්දී ඇත.
 විදුහල්පතිනියට චෝදනා පත්‍රයක් ලබාදීමට කටයුතු කරන බව ද වාර්තාවේ.
ආර්ථික අපහසුකම් නිසා පාසල් යෑමේ ගැටලුවක් ඇත්නමි දැරියට නේවාසිකාගාර සහිත පාසලක් ලබා දෙන ලෙස ද අධ්‍යාපන ඇමැතිවරයා දන්වා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධ මානව හිමිකම් පරීක්ෂණයක්ද මේ වනවිට සිදුකරමින් පවතී.