ඉරාජ් කරපු වැඩේ ගැන වික්ටර්
පුවත්පතකට දුන්න උත්තරේ


පසුගිය දිනවල ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකට අවලාද වන ආකාරයේ සංකේත ඇතුළත් කරමින් අන්තර්ජාල වීඩියෝවක් මුදා හැරිය ඉරාජ් වීරරත්න බොහෝ කතාබහට ලක්වූවා.එම සිදුවීම ගැන මෙවර සතිඅන්ත පුවත්පතක් වික්ටර්ගෙන් විමසීමක් කර තිබෙන අතර එහිදී ඔහු
ලබාදුන් පිළිතුර මෙසේය.


මේ දිනවල පැතිරීයන මියුසික් වීඩියෝව ගැන කතා කළොත්,


මම ඒ ගැන කතා කරන්න කැමැති නැහැ.එහෙම කතා කළොත් ඒ ගොල්ලන්ට ඒකෙන් ප්‍රසිද්ධියක් ලැබෙනවා මිසක් ඒකෙන් මට කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ. බූමරංගය වගේ එයාටම ආපහු වදිනවා මිසක් මගේ ජනප්‍රියත්වයටවත් මුකුත් හානියක් වෙලා නැහැ. ඔතනදී කියන්න තියෙන්නේ අර දරමිටියක් බඩේ බැඳගෙන චිංචමානවිකාව බුදු හාමුදුරුවෝ ඉස්සරහට ආවහම එයාට කරුණාව මෛත්‍රිය දැක්වුවා මිසක් බුදුහාමුදුරුවෝ මුකුත් කරන්න ගියේ නැහැනෙ. ඒවායේ ප්‍රතිපල සහ විපාක ඒ අයටම විඳින්න වෙනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ.

සාකච්ඡාව - ඉඳුනිල් වීරරත්න (සිළුමිණ) ඡායාරූප- ශාන් රූපස්සර