මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට පැවැරීමට එරෙහිව ඉකුත් 06 වැනිදා හම්බන්තොට දී පැවැති
විරෝධතාවයක දී

තරුණයෙකුට කනට පහර දුන් හම්බන්තොට හිටපු සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පුළුල් පරීක්ෂණ අරඹා ඇත.
ලබන සතියේ සහකාර පොලිස් අධිකාරී දළුවත්ත මහතා කොමිසමට කැඳවා පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගෙන ඇති බව කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ සාලිය පීරිස් මහතා පවසා තිබේ.
තරුණයාගේ කනට ගැසූ සහකාර පොලිස් අධිකාරිවරයා  12සිට ක්‍රියාත්මක වන පරිදි මාතර කොට්ඨාසයට මාරුකර තිබූ අතර එම ස්ථාන මාරුව ඔහුට ලබාදී
ඇත්තේ ජාතික පොලිස් කොමිසමේ නියෝගයක් මත ය. මේ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට
ජාතික පොලිස් කොමිසම මගින් ත්‍රිපුද්ගල කමිටුවක්ද පත්කර ඇත. පොලිස් අත්අඩංගුවට ගත් අයකුට පහරදීම හිංසාවට පත්කිරීමට අයිතියක් පොලිස් නිලධාරියකුට නොමැති බව කොමිසමේ මතයයි.