කුරුණෑගල නගරයේ පිහිටි ජාත්‍යන්තර පාසලක කුඩා සිසුන්ට බියකරු දර්ශන සහිත හොල්මන් චිත්‍රපටයක්
පෙන්වීමෙන් පසුව එම

සිසුන් බියට පත්ව පාසල් යා
ම පවා ප්‍රතික්ෂේප කරමින් සිටින බව
වාර්තාවෙයි.
පසුගිය සඳුදා (23) පෙරවරු කාලයේදී සිසුන්ට මෙම චිත්‍රපටය කුරුණෑගල නගරයේ පිහිටි පැරැණි නිවෙසක පවත්වාගෙන යන මෙම ජාත්‍යන්තර පාසලේ සියලු දොර ජනෙල් වසා පෙන්වන ලද බවට වාර්තාවේ.
විදෙස් විෂය නිර්දේශ අනුව ඇමරිකානුවන් සමරන ‘හැලොවින් ඩේ‘ මළවුන්ගේ දිනය වෙනුවෙන් මෙවැනි චිත්‍රපට නැරඹීමට සැලැස්වීය යුතුය යන තීරණය එම පාසල ලබාගෙන මෙම චිත්‍රපටය පෙන්වා ඇත.
බියකරු දර්ශන දැනීමෙන් මානසික කම්පනයතව පත්වූ තම කුඩා දරුවන් නිතරම ශරීර කෘත්‍යය කිරීමට අවශ්‍ය යැයි පවසන බවද බියෙන් සලිතවී පාසල් යන්නට බැරි බව කියමින් සිටින බවද ඔවුන්ගේ මවුපියෝ කීහ.