එප්පාවල ප‍්‍රදේශයේ පදිංචි බාල වයස්කාර දැරියකට සිය ලිංගික අවයව පෙන්වූවා යැයි කියන හමුදා සෙබලෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
මොහු 30 හැවිරිදි වියේ පසු වන

පුද්ගලයෙකු බවටයි අනාවරණය වෙයි.
අදාල පුද්ගලයා රත්නපුර කුරුවිට යුධහමුදා කදවුරේ තුන්වන ගැමුණු හේවා බල ඇණියට අයත් පුද්ගලයෙක් වන අතර අදාල දැරියගේ මව විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පුද්ගලයාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙයි.
ප්‍රදේශවාසීන් විසින් සැකකරු අල්ලාගෙන පහර දී පොලිසියට භාරදීමට කටයුතු කර තිබේ.
එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ හමුදා සෙබළා ප්‍රතිකාර සඳහා පසුව එප්පාවල රෝහලටද ඇතුළත් කර ඇත.
ඔහු එප්පාවල කිරලෝගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අද (10) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.