ජලගාස්තු වැඩි කිරීම ළඟදීම සිදුවන්නට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වාර්තා
කරයි.

ජල ගාස්තු සංශෝධනය සාමාන්‍යයෙන් සෑම වසර 3 කට වර ක් සිදු කරන නමුත් මින් ඉහත අයවැය සමග ආ යෝජනාවලිය ජනතා විරෝධය නිසා හකුළුවාගත් නිසා මේ වනවිට වසර 5 කට ආසන්න කාලයකින් ජල ගාස්තු සංශෝධනය කර නැත.

මේ සම්බන්ධයෙන් ඇමති රවුෆ් හකීම් මහතා පසුගියදා මාධ්‍ය අමතා දන්වා සිටියේ  විදුලි සන්දේශ ගාස්තු හා විදුලි ගාස්තු සැලකීමේදී රැහැන් දිගේ  හෝ රැහැන් රහිතව පැමිණෙන සංඥා හෝ විදුලිය පමණක් නිසා ඒවායේ නිෂ්පාදන හා නඩත්තු වියදම අඩු බවත් ජලය නල දිගේ බෙදාහැරීම හා නඩත්තුව ඒවාට සාපේක්ෂව අධික වියදම් සහිත කටයුත්තක් නිසා ජල ගාස්තු සංශෝධනය අත්‍යවශ්‍ය බවයි.