බුද්ධාගම රැකීම සහ මහජන දේපළ අවභාවිතා කර සිල් රෙදි බෙදාදීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති
බවත් ඒවා හොරුන් ආරක්ෂා කිරීම සඳහා හොරුන්ම ගොතන

ප‍්‍රබන්ධ බවත් ජාතික භික්ෂු පෙරමුණේ ප‍්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ අද (11) කොළඹදී පැවසූහ.

ලලිත් වීරතුග මහතා ශුද්ධවන්තයෙක් කියා පිරිසිදු කරන අය නීතිය වෙනත් පැත්තකට හරවන්න හෝ නැවීමේ උත්සාහයක නිරත වන බවට සැකයක් මතුවන බවත් මේ සිද්ධිය සේම පැවති රජයට සහ වත්මන් රජයට එරෙහිව එල්ලවන සියලූ දුෂණ චෝදනා වලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක විය යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ.

මරදාන පිහිටි සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

(නිමල කොඩිතුවක්කු)