ත්‍රීවීල් රිසිට් ගැසට් එක 
යාළුවන්ට සලකන්නලු
නිමල් සිරිපාලගේ නිවස
ත්‍රීවීල් වලින් වට කෙරෙන ලකුණු


පසුගිය 8 වනදා ඇමති නිමල් සිරිපාල නිකුත් කළ ගැසට් නිවේදනයකින් කියැවුනේ ලබන ඔක්‌තෝබර් 01 වැනිදා සිට   ත්‍රිරෝදවලට මීටරයක්‌ තිබීම හා රිසිට්‌පතක්‌ දීම අනිවාර්ය බවයි. ගෙවල් වල භාවිතයට පමණක් තබා සිටින රථ හැර මගීන් හෝ භාණ්‌ඩ ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථ සඳහා මෙම නීතිය අනිවාර්ය බවද
ගැසට්‌ නිවේදනයේ දැක්විණි.
ටිකට් පතට අමතරව ත්‍රිරෝද රථයක මගී මැදිරියේ දකුණුපස පිටවීමේ දොරටුව අර්ධ වශයෙන් හෝ පූර්ණව ස්‌ථිර ලෙස වසා තැබීම ඇතුළු තවත් නියෝග ගණනාවක්‌ම එම ගැසට්‌ නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබුණි.


කෙසේ වෙතත් ගැසට්‌ නිවේදනය සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ සංගම් අතර ප්‍රකටව තිබෙන්නේ විවිධ අදහස්ය. ඇතැම් සංගම් එයට එකඟවී ඇති නමුත් රිසිට්‌පත අනිවාර්ය කිරීම ගැටලු සහගත බව එක් සංගමයක් දන්වා ඇත. ස්‌වයං රැකියා වෘත්තිකයන්ගේ සම්මේලනය දන්වා සිටින්නේ එය ප්‍රායෝගික නැති බවයි.

මෙය ඇමතිගේ උපායක් බවත් චීනයෙන්, ඉන්දියාවෙන් ගෙන්වන රුපියල් 3000 ක් 3500 ත් අතර මුදලක් වටිනා ත්‍රිරෝද රථ මගී ගාස්තු මීටරයේ ටිකට් කඩන්නට බැරි නිසා ටිකට් කඩන්නට හැකි රුපියල් 18,000 ත් 20000 ත් අතර මුදලකට ඇති මීටර විකුණා ගැනීමේ පටු අරමුණින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බව ස්‌වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන දන්වා ඇත.

ගැසට් නිවේදනය වහාම අවලංගු කර දැමිය යුතු බවත් එසේ නොමැති වුවහොත් ලබන සතියේ දිනක ප්‍රවාහන අමාත්‍යවරයාගේ නිල නිවස වටකර විරෝධතා ව්‍යාපාර සිදුකරන බවත්  ජයවර්ධන මහතා දන්වා තිබේ.