ජූනි 8 උපන් දිනයට සුබ පතද්දී
ශලනිට ලෝකයේ හොඳම යාළුවා දසුන්


ඊයේ සවස තිහාරියේදී ටෙලි නළු දසුන් නිශාන් කාටත් පාඩම් උගන්වා සමුගෙන ගියේය. තවමත් ඔහු ගැන කතාබහ නිමක් නැත. ශලනි තාරකා සමග දසුන් පෙමින් වෙළුනේ මීට මාස 8 කට පෙර පසුගිය ජනවාරි මාසයේය. ඔවුන් දෙදෙනාට එක්වන්නට ඉඩ හසර සැදුවේ කොළඹින් පිට දුර බැහැර පෙදෙස්වල නවාතැන්ගනිමින්
රූගත කළ ‘මුතුමලී‘ ටෙලි නාට්‍යයයි. එහිදී ශලනිට හා දසුන්ට ඉතා සමීපව රඟපාන්නට අවස්ථාව ලද අතර ඔවුන් පෙමින් බැඳුණි.

එම ටෙලි නාට්‍යය ගැන ශලනි සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරද්දී දසුන් හා ඇය සිටින ඡායාරූප හුවමාරු කරන්නට පරිස්සම් වූයේ කටකතා හැදෙනවාට බියෙනි.ඒ නිසාදෝ ශලනි දසුන් සමග ඔවුන්ගේ මිතුරු නළු තුසිත තිදෙනාම සිටින ඡායාරූප බොහෝ අවස්ථාවල හුවමාරු කර තිබුණි.

මෙම සම්බන්ධය දළුලා වැඩුණ හැටි ශලනිගේ ක්ෂෙත්‍රයේ හොඳම මිතුරියක වූ දිනක්ෂිද දැන සිටියාය.

ආරංචියේ හැටියට මොවුන් කිසිවෙකු දසුන් විවාහකයෙකු යයි දැන සිටියේ නැත.

මේ අතරවාරයේ පසුගිය ජුනි 8 වනදා දසුන්ගේ උපන්දිනය යෙදී තිබුණි.ශලනි එදින ඇගේ ෆේස් බුක් පිටුවෙන් දසුන් සමග සමීපව සිටි ඡායාරූප උපුටන කිහිපයක් සමග ඔහුට සුබ පැතුවේ‘Happy Birthday my best friend in the world‘ යන සටහනෙනි.
එම සටහනට ප්‍රතිචාරයක් ලියූ රසිකාවියක අසා තිබුනේ ඇයි දැන් හොඳම යාළුවා දිනක්ෂි නොවේදැයි යනුවෙනි.

ඒ වනවිට දසුන් ශලනි පෙම මෝරා බොහෝ දුර ගොස් තිබුණි. නමුත් සියල්ල වෙනස්වූයේ ඊට හරියටම මාසයකට පසු ජුලි මාසයේය. මින් පෙර ලිපියේද සටහන් වූ පරිදි ‘මිනිස්සුන්ට මේ තරම් බොරු කරන්න බොරුවෙන් ජීවත් වෙන්න පුලුවන්ද..?‘ යනුවෙන් එදා ශලනි ඇසුවේ දසුන්ගේ විවාහය ගැන ආරංචි විමෙනි.

මේ දෙදෙනා අතර එලෙස ඇරඹි ප්‍රශ්න තවත් මාස දෙකක් පමණ ඇදී ගොස් දසුන් ජීවිතයෙන් සමුගන්නා තීරණය දක්වා අවාසනාවන්ත නිමාවකින් කෙළවර වී ඇති සෙයක් මේ අනුව පෙනී යයි.

පහත පළවන්නේ මේ දෙදෙනාවම සතුටින් තැබූ ඒ සොඳුරු ආදරය පැවති කාලයේ ගැන ශලනි තැබූ සටහන් කිහිපයකි.






සිද්ධිය සම්බන්ධ පෙර වාර්තා