ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු වේග පන්දු යවන්නෙකු මෙන්ම, හිටපු තේරීම් කමිටු සාමාජිකයෙක්ද වන ප්‍රමෝද්‍ය
වික්‍රමසිංහ මහතා

පසුගිය දිනක හිරු ටීවී රූපවාහිනී සංවාදයකදී ඉන්දීය තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අස්වාභාවික ලෙස තරග පරාජය වූ බවත් තරගවල ගත් ඇතැම් තීරණ ක්‍රීඩාගාරයේ පිටත පුද්ගලයකුගේ බලපෑම් මත සිදුවූ බවටත් ප්‍රකාශ කර තිබුණි.
මේ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස  දිනේෂ් චන්දිමාල් හා උපුල් තරංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 40 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ක්‍රිකට් ආයතනය භාර දී තිබේ.
ඔවුන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවද එම ලිපියේ දක්වා ඇත.
ආන්දෝලනයට තුඩු දුන් ප්‍රකාශය පහතින්