බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ සංවිධායක ගුණසිරි ජයනාත්, සභා නායක සුනිල් ජයමිණි හා
ගිණුම්කාරක

සභාවේ වැඩබලන සභාපති මෙරිල් පෙරේරා යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉවත් කර තිබේ.
ඒ අනුව නව ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා ලෙස චන්දන ජයනාත් මහතා සහ සභානායකවරයා වශයෙන් හෙක්ටර් බෙත්මගේ මහතා පත් කර ඇති බව වාර්තා වෙයි.
මෙම වෙනස්කම් වලට ලක්වූ අය මෛත්‍රී පිලට එරෙහිව කටයුතු කරන අය ලෙස ප්‍රකටය.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් පත්වීම් සිදු කර තිබේ.