කැලණිය විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨය සංවිධානය කෙරෙන ප්‍රදර්ශනයකට දායකත්වය සැපයීම සඳහා එම පීඨයේ ආරාධනය මත පසුගිය 25 වැනිදා රාත්‍රියේ පැමිණි නාවික හමුදා කණ්‌ඩායමක්‌ සිසුන් පිරිසක්‌ විසින්
ආපසු හරවා යවනු ලැබ ඇත.

ප්‍රදර්ශනය ලබන 2 වැනිදා ආරම්භ කෙරෙන අතර නාවික හමුදාවටද වෙනම ස්‌ථානයක්‌ වෙන් කර තිබී ඇත.

නාවික හමුදා කණ්‌ඩායම පැමිණ ඇත්තේ එම ස්‌ථානයේ සංවිධාන කටයුතු සඳහා ය. මෙම කණ්‌ඩායමට විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට පවා ඉඩ නොදී හරවා යවා ඇත්තේ මහා ශිෂ්‍ය සංගමයට අයත් සිසුන් යෑයි විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පැවසීය.

කිසිදු පදනමක්‌ නොමැතිව සිසුන් මෙම කණ්‌ඩායම හරවා යෑවීම විශ්වවිද්‍යාලයට අපකීර්තියක්‌ බව එහි ආචාර්යවරයෙක්‌  පැවසීය.

නිලන්ත මදුරාවල