කඳාන, කපුවත්ත ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක පැවති මංගල උත්සවයකදී බීමත් පුද්ගලයකු ඇතිකළ ආරවුලක් නිසා මරණයක් වාර්තා වී තිබේ.

බීමතින් සිටි අයෙකු තවත් පුද්ගලයෙකු සමග ඇතිකරගත් අරවුලකදී බීමත් පුද්ගලයා කළ තල්ලු කිරීමක් හේතුවෙන් අනෙක් පුද්ගලයා පාරට විසිවී ඉන් අනතුරුව පැමිණි

කන්ටේනරයකට යටවී මියගොස් තිබේ.
මෙලෙස කන්ටේනර් රථයට යටවී මියගොස් තිබෙන්නේ 53 හැවිරිදි පස්දරු පියෙකි.
පහරදීම සිදුකළ පුද්ගලයා අධික ලෙස බීමත්ව අශෝභන ලෙස හැසිරී ඇතිබවත් ඔහුව පාලනය කිරීමට ගිය සෑම අයෙකුටම පහරදී ඇති බවත් කියැවිණි.
මංගල උත්සවය අවසාන මොහොතේ නිවාස බලා යෑමට බසයට ගොඩ වී සිටි මියගිය පුද්ගලයා නැවත බස්රථයෙන් බැස තම පුතා සහ දබර කර ගැනීමට කලහාකාරී ලෙස හැසිරුණු පුද්ගලයා උත්සහ දරන මොහොතේ සිද්ධියට මැදිහත් වී මෙම අවාසනාවන්ත මරණයට ලක්ව ඇත.
බීමත් පුද්ගලයා මියගිය පුද්ගලයාට පහරදී තල්ලු කරන ලද නිසා මාර්ගයට වැටුණු පුද්ගලයාගේ හිස මතින් කන්ටේනරය ගොස් ඇති අතර ඔහු එතැනම මිය ගොස් ඇත.
සැකකරු මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.