උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග පිළිබඳව දැනට කෙරෙන
සංශෝධන

කටයුතු අවසන් වූ විගස පහේ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් ඒ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ අම්මලාගේ විභාගයක් දරුවන්ට
අවශ්‍ය නැති බැවින් ඉදිරියේදී අම්මලාගේ විභාගයට වැට බඳින බවත් අනාගතයට යෑමේ පාස්‍පෝට් එක අධ්‍යාපනය බැවින් ඒ සඳහා වීසා ගැසීම ඉතා කල්පනාකාරීව කළ යුතු බවයි.

අකිලා නදීශානි බණ්ඩාර