එළවළු සහ පලතුරු ප්‍රවාහනය කරමින් රටපුරා යන ජීප් රථයක පිටුපස මී වදයක් බැඳ තිබෙන පුවතක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මාධ්‍යෙව්දීන්ට හමුව තිබේ.
ගල්කිරියාගම කෝරලයාගම පදිංචි ලයනල් බණ්ඩාර මහතාගේ ජීප් රථයේ පිටුපස අමතර රෝදය සවිකර ඇති යකඩ බටයේ මෙම මීය බැඳ තිබේ.

දඬුවෙල්ලෑ ව නමින් මෙම මී වදය හඳුන්වන බව ඔහු පැවසීය.

මීට මාස තුනකට පෙර තම නිවසේ නවතා තිබියදී මේ මීය බැඳ තිබූ බව එදා සිට මේ දක්වාම මෙම මී මැස්සන්ගෙන් තමන්ටත් තමන්ගෙන් මී මැස්සන්ට අත් කිසිදු හිරිහැරයක් නොවේ පවතින බව ලයනල් බණ්ඩාර මහතා පැවසීය.
ඔහු දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙම රථයෙන් එළවළු හා පළතුරු ප්‍රවාහනය කිරීම රැකියාව හැටියට සිදුකරන අතර ලොකු ළූණු පටවාගෙන ඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි බවද පැවසීය.
මෙම මී මැස්සන් තමන්ට අතපත ගෑමට පවා හැකි බවත්  ආර්ථික මධ්‍යස්ථාන කලබලකාරී වුවත් මීමැස්සන්ගෙන් කාටත් කරදර නැති බවත් ඔහු පවසයි.