කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් පසුගියදා මහානගර හා බස්නාහිර සංවර්ධන
අමාත්‍යංශය

මාර්ග කිහිපයක ප්‍රමුඛතා මංතීරුව හඳුන්වා දී තිබුණි. එහි මගී ප්‍රවාහන බස්රථ සඳහා පමණක් මෙම මංතීරුව වෙන් කරනු ලැබූ නමුත් මේ වන විට එම
මංතීරුව පාසල් ළමුන් ප්‍රවාහණය කරනු ලබන පාසල් බස්රථ සහ වෑන් රථ සඳහා ද භාවිත කිරීමට
අවසර ලබාදී ඇත.
ඒ අනුව හෙටින් (6) ඇරඹෙන නව පාසල් වාරයේ සිට බස් ප්‍රමුඛතා මංතීරු පාසල් ළමුන් ප්‍රවාහනය
කරනු ලබන බස්රථ සහ වෑන් රථ සඳහා භාවිත කළ හැකි බව අමාත්‍යාංශය දැනුම් දී තිබෙයි.