අපේ වෙඩින් එක ෆොටෝ ෂූට් එකක් විතරයි
තාම අතුල එහේ - මම මෙහේ
- අමායා අධිකාරි

ගායක අතුල අධිකාරි සමිතා හා දරු දෙදෙනා අතැර අමායා සමග එකට දිවිගෙවන්නට පටන් ගත් කථාව පරණ එකකි. ඔවුන්ට දියණියක ලද පසුව අතුල ඔවුන් හැරදා ගොස් ඇති බවත් විවාහය සම්බන්ධ ගැටලු පවතින බවත් කියමින් අමායා නැවත පුවත් මවන්නට වූයේ මීට වසරක පමණ පෙර සිටය.
මේ වනවිට ටෙලි නාට්‍ය නිළියක ලෙස ප්‍රකට නමක් දිනා සිටින අමායා , අතුල සමග එක්ව විවාහ උත්සවයක් ගත් ඡායාරූප කිහිපයක් පසුගිය දිනවල වෙබ් අඩවි තුළ ප්‍රකට විය.
ඒ අනුව රසිකයින් කල්පණා කලේ නැවත ඔවුන් එක්වී ඇති බවකි.නමුත් සතිඅන්ත පුවත්පතකට අමායා හෙළි කරන්නේ එය ෆොටෝ ෂූට් මංගල්‍යයක් පමණක් බවයි. තාම අතුල එහේ බවත්
 මම මෙහේ බවත් කියන අමායා ඔවුන්ගේ විස්තර හෙළි කර සිටියේ මෙසේය.

අමායා-අතුල නැවත විවාහ වුණා කියන්නේ ඇත්තද?
අපි නැවත විවාහ වෙන්න ඩිවොස් වෙලා හිටියේ නෑ. මේක ෆොටෝ ෂූට් එකක්.


හදිසියේම විවාහ උත්සවයක් ගන්න හිතුණේ ඇයි?
මාව අන්දන කෙනාට ආසාවක් තිබුණා මාවයි අතුලවයි ඒ විදියට හැඩගන්වලා ෂූට් එකක් කරන්න. ඉතින් අපි කසාද බැන්දට විවාහ උත්සවයක් අරගෙන තිබුණේ නෑ. ඒ නිසා අපිටත් ආසාවක් හිතුණා මේ දේ කරන්න.

අතුල කැමැති වුණාද?
ඔව්. මොකද එයා මීට කලින් නිලමේ ඇඳලා තිබුණේ නෑ. එයාගේ කැමැත්තකුත් තිබුණා නිලමේ අඳින්න. ඒ
නිසා එයත් මේ ෂූට් එකට කැමැති වුණා.

පහුගිය කා‍ලේ ඔබ දෙදෙනා විරසක වෙලා හිටියා. දැන් ඒ හිත් අමනාපකම් ඉවරද?
ඒ ගැන තීරණය කරන්නේ අපි දෙන්නා. විරසක වෙනවාද, ආපහු ඉන්නවද, ඩිවෝස් වෙනවද, වවාහ
වෙනවද තීරණය කරන්නේ අපි දෙන්නා. මිනිස්සු තමයි එය දේ ලොකුවට ගොසිප් එකක් විදියට හිතන්නේ. ඕනම පවුලක ප්‍රශ්න තියෙනවා. ඒ ගැන කතා නොකරන තරමට මම සතුටුයි.

අතුල තාමත් ඉන්නේ වෙනම ගෙදරකද?
එයා ඉන්නේ එයාගෙ ජොබ් එකේ. මම ඉන්නේ මගේ ජොබ් එකේ. මගේ අම්මා තමයි මගේ දුවව
බලාගන්නේ. කොළඹ ආවට මගේ දුවව තියන්න තැනක් නැහැ.
මොකද අම්මා විතරයි මම විශ්වාස කරන්නේ. කවදාවත් මම කොළඹ එන එකක් නැහැ. දුව ලොකු වුණාම
තීරණය වෙනස් වේවිද දන්නේ නැහැ. අතුල අයියගේ වැඩවලට එයා කොළඹ ඉන්න ඕන. එයා ඉස්සර
ඉඳන්ම එහෙමයි. හැමදාම මම එයාගෙ වැඩවලට උදව් කරනවා. අපි මුණගැහෙනවා. එකටම ඉඳගෙන
පවුල් ජීවිතේ ගෙනියන්න ඕන කියන ආසාව අපි දෙන්නටම නැහැ.


අමායා අතීතය ගැන පසුතැවෙනවද?
නැහැ. කවදාවත් මම අතීතය ගැන පසුතැවෙන කෙනෙක් ‍නෙවෙයි.

ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටක් තියෙන්නේ.

සමිතාගේ පවු‍ලේ අයගේ හිතවත්කම තාම තියෙනවද?
මගේ කිසි ප්‍රශ්නයක් නැහැ. එයාලගේ හිතවත්කම තියෙනවද කියලා මම දන්නේ නැහැ. ගොඩ කාලෙකින් අපි ළඟින් ආශ්‍රය කළේ නැහැ. මම විෂබිජවලින් ඈත්වෙලා ඉන්නේ. මොකද ලෙඩ හැදෙනවා.

දුව කලාවට නැඹුරුයිද?
එයා ගායනයට, වාදනයට වගේම නර්තනයටත් දක්ෂයි. එයාට කැමැති දේ මම කරන්න දෙනවා.

අනාගත බලා‍පොරොත්තු මොනවගේද?
එහෙම ලොකු බලා‍පොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් ‍නෙවෙයි මම.

තිළිණි කරුණාරත්න
(ඡායාරූප – කිංස්ලි පෙරේරා)

http://www.gallery.gossiplankanews.com/wedding/athula-amaya-belated-wedding.html
Photography by : Kingsley Perera,Retouched by : Niranja Imaging, Dressed by : Salon Shani ,Traditional Groom Attire : PVS Jayarathne ,Decors : The Flower Weddings (Buddhika ) , Boquet : Manjula, Location : Amaya Hills, Kandy