ක්‍රිකට් වාර්තා පොතට ගිය
ඉන්දියාව හමුවේ 9-0 දැවැන්ත පරාජය

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර දීර්ඝ සංචාරය නිමාකරමින් ඊයේ පැවැති විස්සයි20 තරගයත් කඩුලු 7කින් ඉන්දීය කණ්ඩායම ජය ගත්තේය. ඒ අනුව ටෙස්ට් තරගාවලිය 3-0, එක්දින තරගාවලිය 5-0ක් හා විස්සයි20 තරගයද ඉන්දියාව ජයගත්තේය.

ඒ අනුව 9-0 ලෙස මව් රටක් පරදා සංචාරක කණ්ඩායමක් ලබාදුන් විශාලම පරාජයන්ගේ වාර්තාවේ ඉහළම තැනට පත්වන්නට ශ්‍රී ලංකාවට සිදුවිය.
මින් ඉහත ඕස්ට්‍රේලියාව 2009-10 පකිස්තානයට මේ ආකාර 9-0  තරගාවලී පරාජයක් අත්කර දී තිබූ අතර
නවසීලන්තය 2016-17 බංග්ලාදේශයට

 8-0 තරගාවලී පරාජයක් අත්කර දී තිබුණි.
අති දැවැන්ත පරාජය සමග ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනස්විය යුතු ආකාරය ගැන විශාල කථාබහක් මතුව තිබේ.
මෙම ජයග්‍රහණ මාලාව ගැන විරාත් කෝලි අගය කරමින් අද දින ඉන්දීය පුවත්පත් විශේෂ වාර්තා පවා පළ කර තිබේ. ඒ කිහිපයක් පහතින්