ඉහළ පැළැන්තියේ පුද්ගලයින් සඳහා ඉහළ මිල ගණන් යටතේ කාන්තාවන් අලෙවි කරමින් ඇතුල් කෝට්ටේ ප්‍රෙද්ශයේ පවත්වාගෙන යනු ලැබූ ගණිකා නිවාසයක් පොලිසිය මගින් වටළා තිබේ.

සමාජ ශාලාවකට අනුබද්ධ ස්ථානයක් ලෙස මෙම නිවාසය කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබී ඇත්තේ දේශපාලන හා ව්‍යාපාරික බලවතුන්ගේ බලපෑම හා ආශිර්වාදය මැදවීම විශේෂත්වයකි.
පිටිසර ගම්වල සිටින සුරූපී තරුණියන් මේ සඳහා එක්කරගෙන තිබුණ අතර මෙම වැටළීමට මුල්වූයේ වෙනත් අපරාධයක් සම්බන්ධ පොලිස් පරීක්ෂණයකි.
දුම්මලසුරිය ප්‍රදේශයේ පදිංචිව සිටි

වයස අවුරුදු 16ක දැරියක් පැහැරගෙන යාමක් පිලිබඳ තොරතුරු ලැබී පොලිසිය ඒ ගැන පරීක්ෂණ කරන අතර මෙම ස්තානයේ  පැහැරගත් දැරියව සේවයට යොදවා ඇති බවට තොරතුරු ලැබීමෙන් පසු අදාළ වැටළීම සිදු විය.
ඒ අනුව ඇයව සොයාගන්නට හැකියාව ලැබී ඇත.
සමාජ ශාලාවට ධනවත් පුද්ගලයන් පමණක් ඇතුල් කර ගන්නා බවත් පළමුව මත්පැනින් සංග්‍රහ කර විනෝද වීමෙන් පසුව ළාබාල තරුණියන්ගේ සේවනය ලබා ගැනීමේ අවස්ථාව රහසිගතව සපයන බවද වාර්තා විය.
වටළන අවස්ථාවේ ගණිකා සේවයේ යොදවා සිටි තරුණියන් පස්දෙනෙකු සහ කළමනාකරු ද පොලිස් අත්අඩංගුවට පත් විය.