විජේදාසට එරෙහි අත්සන් 70
විශ්වාසභංගය වෙනුවට ඇමතිකමින් ඉවතට?

මතභේදයට තුඩුදී ඇති අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සම්බන්ධ කාරණාව හෙට (17) තීරණාත්මක කඩඉමකට පැමිණෙන සෙයක් දේශපාලන ආරංචි වාර්තා කරයි.
ඒ අනුව හෙට පැවැත්වෙන එජාප කෘත්‍යධිකාර මණ්ඩල සාකච්ඡාවේදී ඇමති විජේදාස රජයේම සිටිමින් රජයට එරෙහි බලවේග සමග එක්ව මත දැරීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගන්නට
නියමිතය.මෙම
ක්‍රියාමාර්ගය ඔහු ඇමති ධූරයෙන් පහකිරීම විය හැකි බව වාර්තාවේ.
රජයේ පාර්ශ්වයෙන් රජයේ අයෙකුටම විහ්වාස භංග ගෙන ඒම හාස්‍යයට කාරණාවක් බවත් ඒවැනි දිගු ක්‍රම අවශ්‍ය නැති බවත් ඔහු ඇමතිකමට පත්කළ ජනපති අගමැති ප්‍රමුඛයන්ටම ඔහුට එරෙහි සෘජු තීන්දු ගත හැකි බවත් එජාප ජ්‍යොෂ්ඨයින්ගේ අදහස වී තිබේ.
වරාය බදුදීමට එරෙහිවීම,එජාප ඇමතිවරුන්ට එරෙහිවීමට නීතිපති දෙපාර්තමේන්තුවට උසිගැන්වීම, ඒකාබද්ධ විපක්ෂ නඩු යටගැසීම ඇතුළු චෝදනා ඇමතිවරයාට එල්ලවී තිබේ.
විජේදාස රාජපක්ෂට එරෙහි එජාප පෙත්සමට මේ වනවිට අත්සන් 70ක් පමණ ලැබී ඇති බවත් හෙට ඔහු පිලිබඳ තීරණය ප්‍රකාශ වනු ඇති බවත් වාර්තා විය.