ශ්‍රී ලංකාවේ බෞද්ධ වන්දනා ගමන් යෙදෙන අයගේ පහසුව පිණිස කොළඹ කටුනායක සිට ඉන්දියාවේ
වරාණාසි දක්වා සෘජු ගුවන්
ගමන් ඇරඹීමට ඉන්දියානු ගුවන් සේවා සමාගම කටයුතු කර ඇත. ඒ අනුව පළමු ගමන පසුගිය 4 වනදා සිදු විය.
වරාණාසි සිට කටුනායකට ආ පළමු ඒ 320 යානය ජල ආචාර සහිතව එදින පිළිගනු ලැබීය.
පසුගිය කාලයේ ඉන්දියාවේ කුඩා ගුවන් තොටුපළ දක්වා ගමන් කළ මිහින් ලංකා සේවාවන් අත්හිටුවීමෙන් පසුව ශ්‍රී ලන්කන් යානා ගමන් කරන ප්‍රධාන නැවතුම් දක්වා පමණක් බොහෝ සේවා ක්‍රියාත්මකවූ නිසා දඹදිව වන්දනා කටයුතු පෙර මෙන් පහසු වූයේ නැත.
නමුත් මෙම සෘජු ගුවන් ගමන් ඉදිරියට දඹදිව වන්දනා ගමන් යන අය සඳහා විශේෂ පහසුකම් සලසනු ඇතැයි වාර්තාවේ.