අර්ජුන්ගේ දුරකතනයේ ‘Ravi K’ සහ ‘PM’ ලෙස සටහනක්
රවී කොමිසමේදී කිව්ව දේවල් - Update


අද දින බැඳුම් කර කොමිසම හමුවේ පෙනී සිටි හිටපු මුදල් ඇමතිවරයා පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සමඟ ඇති සම්බන්ධතාවය පිළිබඳව මුලින්ම කියා තිබේ.
විසිපස් වසරක් පමණ තිස්සේ ඇලෝසියස් පවුල, තම පවුලේ මිතුරන් වන බවත් වසර 10ක් හෝ 12ක් තිස්සේ අර්ජුන් ඇලෝසියස් හඳුනන බවත් තම දියණියන් සහ අර්ජුන් ඇලෝසියස් ගේ දියණියන් අතර ද මිතු දම් පවතින බව ඔහු පවසා ඇත.
 තමා සහ අර්ජුන් ඇලෝසියස් අතර කිසිදු ව්‍යාපාරික සබඳතාවක් නොමැති බව හා රජය බලයට පත්වීමෙන් අනතුරුව තමන්ගේ පෞද්ගලික ව්‍යාපාරවලින් ද ඉවත් වූ බව අමාත්‍යවරයා කියා ඇති අතර අර්ජුන් ඇලෝසියස් දෙතුන් වතාවක් මුදල් අමාත්‍යංශයට පැමිණි බව දන්වා ඇත.
නමුත් එහිදී කිසිදු අවස්ථාවක ව්‍යාපාරික
ගනුදෙනු පිළිබඳව සාකච්ඡා නොකළ බවකියා ඇත.

අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අර්ජුන් ඇලෝසියස් ගේ දුරකතනයෙන් ලබාගත් දත්ත ඇතුළත්, පිටු 8600ක වාර්තාවක් ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ තබන ලදී. ඔහුගේ ජංගම දුරකතනයෙන් මකා දමා ඇති දත්තයන් ද විශේෂඥයන් ලවා නැවත ප්‍රකෘති කොට මෙම වාර්තාවට ඇතුළත් කර තිබුනි.
අර්ජුන් ඇලෝසියස් ගේ ජංගම දුරකතනයට පැමිණි කෙටි පණිවිඩ කිහිපයක සඳහන් තොරතුරු පිළිබඳව රවී කරුණානායක ඇමතිවරයාගෙන් ප්‍රශ්න කිරීම ඉන් අනතුරුව ආරම්භ විය.
මෙහි ඇතැම් කෙටි පණිවිඩ තුළ තමන්ගේ නම ‘Ravi K’  ලෙස සඳහන් වී තිබීම පිළිබඳව විමසු අවස්ථාවේ රවී කරුණානායක ඇමතිවරයා කියා සිටියේ ඒ පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවය. ඇතැම් කෙටි පණිවිඩ තුළ “Hon. PM” වශයෙන් සඳහන් වී ඇති බවත් එක් කෙටි පණිවිඩයක”…. Get a copy from PM” වශයෙන් සඳහන් වී ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. එමෙන්ම සන්ඩේ ලීඩර් පුවත් පතේ කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවා නැති බව දැක්වෙන සටහනක් සහිත කෙටි පණිවිඩයක් පිළිබඳව ද නීතිපති දෙපාර්තමේන්තුව මෙහිදී විමසීමක් කළේය. අර්ජුන් ඇලෝසියස් එම පුවත්පතට මුදල් සපයා

ඇති බවක් පෙනෙන්නට ඇතැයි, මෙම ප්‍රශ්න කිරීම් අතරතුර විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් රවී කරුණානායක ඇමතිවරයා කියා සිටියේ තමා ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවත් ඒ කිසිවකට තමන්ගේ සම්බන්ධතාවක් නොමැති බවත් ය.
නීති පති දෙපාර්තමේන්තුව විසින් මීළඟට ඉදිරිපත් කරන ලද්දේ රවි කරුණානායක ඇමතිවරයා සිංගප්පුරුවේ කළ සංචාරයන් පිළිබඳ වාර්තාවකි. ඔහු සිංගප්පුරුවට ගිය අවස්ථා 13කදී අර්ජුන් ඇලෝසියස් ද සිංගප්පුරුවේ සිට ඇති බව එම වාර්තාවේ සඳහන් වෙයි. අවස්ථා කිහිපයක දී අර්ජුන් ඇලෝසියස් තමන්ට සිංගප්පුරුවේ දී මුණ ගැසී ඇති නමුත් ඒවා කලින් සැලසුම් කළ හමුවීම් නොවන බව ඇමතිවරයා දන්වා ඇත. වැඩිදුර විභාගය ඉදිරියට සිදුවේ. ඇමති රවී පැමිණි ආකාරය වීඩියෝව පහතින්