පුද්ගලික බැංකුවකට තුවාය පිටින් ආපු කස්ටමර්

ත්‍රීකුණාමල ප්‍රදේශයේ පිහිටි පුද්ගලික බැංකුවකට ගනුදෙනු කිරීම සඳහා අමුතු ලෙස පෙනී සිටි පුද්ගලයෙකුගේ ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍ය අතර හුවමාරුවේ.
මෙම පුද්ගලයා රබර් සෙරෙප්පු දෙකක් පැළඳ තුවායක් පමණක් ඇඳ සිටින අතර උඩුකය නිරුවතින් බැංකුවට පැමිණ
තිබුනේ නාන කාමරයක
සිට පැමිණි ආකාරයටය.
සාමාන්‍යයෙන් බැංකුවකට ඇතුළු කිරීමේදී ඇඳුමක් පිලිබඳ නීති රීති නොමැති නිසා මේ ආකාරයට පැමිණ තම ගනුදෙනුව සිදු කර යන්නට එහි ආරක්ෂකයින්ගෙන් බාධාවක් සිදුවී නැත.