මුදල් ඇමැති ලෙස කටයුතු කළ රවි කරුණානායක මහතාට එල්ලවී ඇති චෝදනා පදනම් කරගෙන තවදුරටත් ඔහුට එජාප උප නායක ධුරයේ රැඳී සිටීමට සදාචාරාත්මක හැකියාවක් නොමැති බැවින් ඔහුට එම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් කිරීමට එජාප මැති ඇමැතිවරු පිරිසක් සූදානම්ව සිටින බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
ලොතරැයි මණ්ඩලය
සහ සංවර්ධන ලොතරැයිය විදේශ අමාත්‍යාංශයට පවරා ගැනීම ඇතුළු ඔහුගේ ක්‍රියාකලාපයන් නිසා පක්ෂයටත්, පක්ෂ නායකත්වයට මෙන්ම එජාප පරාජයෙන් විසි වසරකට පසුව පිහිටුවාගත් සම්මුති ආණ්ඩුවටත් මැකිය නොහැකි කැළැලක් අත්වී ඇතැයිද, බැඳුම්කර කොමිසමේදී ඔහුට එල්ලවූ චෝදනාවලට පිළිතුරු දුන් ආකාරයටම ඔහුට එජාප උප නායක ධුරයෙන් ඉල්ලා අස්වීමට ප්‍රමාණවත් හේතු සපයා ඇතැයිද එම මැති ඇමැතිවරුන්ගේ අදහස වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

එජාපයේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනක් රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු සහ එජාප මන්ත්‍රිවරුන් කිහිපදෙනකු පසුගිය සිකුරාදා (04දා) කොළඹට නුදුරුව පිහිටි එජාප අමාත්‍යවරයකුගේ නිවෙසේදී හමුවී පැවැත්වූ සාකච්ඡාවකදී තීරණය වී ඇත්තේ මේ පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද දැනුවත් කොට පක්ෂයේ කීර්ති නාමය ආරක්ෂා කර ගැනීම අත්‍යාවශ්‍ය කටයුත්තක් සේ සලකා ක්‍රියාකිරීම බවත් එසේ නොවන්නේ නම් එය අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන රජයේ පැවැත්මටත් දැඩි අභියෝග එල්ලවිය හැකි කාරණයක් වනු ඇති බවද එහිදී සඳහන් වූ බවද දැනගන්නට ඇත.

උපතිස්ස පෙරේරා